ප්‍රදේශ රැසකට අද වැසි..
අද (08) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද යන පළාත්වල ස්ථාන රැසකට වැසි ඇති වීමේ වැඩි අවස්ථාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල අද උදෑසන මීදුම් සහිත තත්ත්වයක් පවතින බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.