සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතාවට වඩාත් සැනසිලි සහගත ජිවිතයක් ගතකිරීමේ පරිසරය නිර්මාණය කිරීමට කැපවනවා – සමගි ජන බලවේගයේ නායත සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaඅසහනයෙන් සහ පීඩනයෙන් පෙළෙන, මේ වනවිට අනාරක්ෂිතභාවයට පත්ව සිටින මෙරට ජනතාවට වඩාත් සැනසිලි සහගත ජිවිතයක්, සෞභාග්‍ය සම්පන්න ජිවිතයක් ගතකිරීමට සුදුසු මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන, භාෂණයේ නිදහස සුරැකෙන, මානව නිදහසේ සිට දේශපාලන නිදහස දක්වා සෑම නිදහසක්ම සුරක්ෂිිත වන රටක් නිර්මාණය කිරිම සිය බලාපොරොත්තුව බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් පළකරන ලදී.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා පහත පරිදි සිය අදහස් දක්වා සිටියේය.

ද දින යුරෝපා සංගමය නියෝජනය කරන රටවල තානාපතිවරුන් සමඟ අප විවිධ විෂයන් පිළිබඳව සාකච්ඡා කළා. විශේෂයෙන්ම එහිදී මෙරට තුළ ජීවත් වන ජනතාවගේ මානව, සිවිල්, ආර්ථික, සමාජිය, දේශපාලනික, ආගමික සහ සංස්කෘතික යන සෑම අයිතිවාසිකමක් පිළිබඳවත් රටට වැදගත් මාතෘකා කිහිපයක් පිළිබඳවත් පුළුල්ව කරුණු සාකච්ඡා කළා. මෙරට ජනතාවට මෙන්ම රටක් ලෙස ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවී ඇති ගැටළු පිළිබඳ සහ ඊට විසඳුම් ලබාදීමට විදේශ ආධාර, මුල්‍ය ප්‍රතිපාදන පිළිබඳවත් එහිදී කරුණු සාකච්ඡාවට බදුන් වුනා.

මෙම සාකච්ඡාව රටට වින කරන හෝ හානියක් කරන සාකච්ඡාවක් නොවෙයි. සමගි ජන බලවේගය සෑම අවස්ථාවකම ජනතාවගේ සියළු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටිනවා.

අද වන විට ජනතාවට ජිවත්වීමේ ප්‍රශ්නයක් උද්ගතව තිබෙනවා. අද කෝවිඩ් වසංගතය නිසා ජනතාව දැඩි පීඩාවකින් කල් ගෙවනවා. ඇතැම් රෝහල් වල ඔක්සිජන් නෑ. ඇතැම් රෝහල් වල දැඩිසත්කාර ඇඳන් නෑ. ප්‍රමාණවත් පහසුකම් නෑ. අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ නෑ. එන්නත් අර්බුදය මේ දක්වා විසඳීමට කටයුතු කරලා නෑ.

අපේ රට තුළ ක්‍රියාත්මක විය යුත්තේ ඒකාධිපති ක්‍රමයක් නොවෙයි. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එම නිසා රට එක දේශපාලන පක්‍ෂයක් යටතේ පදනම් වු රටක් හෝ රාජ්‍යයක් නොවෙයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට