සත්‍යයේ පුවත් අඩහැරය….

බලයට පැමිණීමේදී ලබාගත් දේට සාපේක්ෂව ආණ්ඩුව පෙරළා ජනතාවට කිසිවක් ලබාදී නෑ – සමගි ජන බලවේගය

Podu Jana Peramunaබලයට පැමිණීම සඳහා ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු නොකළ වත්මන් ආණ්ඩුව, බලයට පැමිණීමේදී ලබාගත් දේට සාපේක්ෂව පෙරළා ජනතාවට කිසිවක් ලබාදී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලීමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අවධාරණය කර සිටියි. ඊයේ (27) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී තුෂාර ඉඳුනිල් මහතා මෙම අදහස් පළකරන ලදී.

එහිදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකර සිටියේය.

බලවත් ජනාධිපතිධූරයක් නොමැතිව ආර්ථිකය ගොඩනැංවීමට නොහැකි බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව, ඉල්ලා සිටි පරිදි නිසි බලයක් හිමිවූනත් පැවසූ ආකාරයට ආර්ථිකය හෝ රට ගොඩගැනීමට කිසිවක් සිදුකළේ නෑ. කොවිඩ් වසංගතය මර්දනයෙන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ෆේල්. ආණ්ඩුව අසමත් යැයි පැවසුනත් සිදුව ඇත්තේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සමත්වී ජනතාව අසමත්ව වීම පමණයි. සීනි, පොල් තෙල්, ටයිල්, ඇන්ටිජන් වැනි දූෂිත මෙන්ම වංචා සහගත ගනුදෙනු තුළින් සිය ගජ මිතුරන් සැනසූ ආණ්ඩුව පනවා ඇති නඩු සියල්ලෙන් සිය හිත මිතුරන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

ගුවන් තොටුපළ වසා දමන්නැයි කොවිඩ් වසංගතය ආරම්භයේදීම අප ඉල්ලා සිටියා. නමුත් ඊට එකඟ නොවු ආණ්ඩුව, එහි දෙවන රැල්ලේදී පැණි පිළිබඳ විකාර අදහස් ඔස්සේ ජනතාව රවටමින් පම්පෝරි ගැසුවා. මේ වනවිට කොවිඩ් තෙවන රැල්ල මතුව තිබෙන්නේ ඒ අනුවයි. පසුගිය නව අවුරුදු සමය තුළ මෙරට ජනතාව විශාල ලෙස කඩ සාප්පු වෙත යමින් නිදහසේ රට තුළ සැරිසැරුවා. සංචරණ සීමා පනවා නිවසේ සිටම නව අවුරුදු සැමරීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදීමට හැකිව තිබුනු නමුත් එසේ නොකළ ආණ්ඩුවට මැයි දිනය හේතුවෙන් යළි කොරෝනා මතක්වුනා. ඒ වනවිට අශ්වයා පැන ගොස් හමාරයි. රට වසා දැමීමට කටයුතු කළේ නම් වසංගතය ව්‍යාප්ත වීම පාලනය කර ගත හැකිව තිබුනු බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසින්ම පිළිගන්නවා. ආණ්ඩුවේ වගකීම් විරහිත හැසිරීමේ ප්‍රතිඵල භුක්ති විඳීමට ජනතාවට සිදුව තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් නිසි පිළිතුරක් ලැබිලා නෑ. යම් පුද්ගලයෙකු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස නම් කර ඇතත් ඒ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකියි. සාරා නම් කාන්තාව පිළිබඳ නොසොයන ආණ්ඩුව, පාස්කු ප්‍රහාරය පිළිබඳ යම් යම් තොරතුරු හෙළිකරන සහ අදහස් පළකරන හරීන් ප්‍රනාන්දු මහතා වැනි පිරිස් අත්අඩංගුවට ගැනීමට පමණක් උත්සාහ කරමින් සිටිනවා.

මේ වනවිට ඇමෙරිකානු ඩොලරය එක් දිනක් තුළ විවිධ මිල ගණන් වලට පත්වන ආකාරයක් දැකගත හැකියි. චෝදනා රැසක් එල්ලවී තිබෙන, ආර්ථික ඝාතකයෙකු ලෙස හැඳින්විය හැකි දවල් මිගෙල් රෑ දනියෙල් ක්‍රමයේ විනිමය ප්‍රතිපත්තියක් දියත් කරමින් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා, මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී පවා මේ ආකාරයටම කටයුතු කළා.

ජාත්‍යන්තර කාක්කෙකු මෙන්ම යම් රටක ආණ්ඩුවකට වාසිදායක මතවාදයක් වෙනත් රටක් තුළ සකස් කිරීමට මැදිහත් වන ලොබිකරුවෙකුද වන පාකිස්ථානු සම්භවයක් සහිත ඇමෙරිකානු පුරවැසියෙකු වන සුබේරි නම් පුද්ගලයාට, ශ්‍රී ලංකාව පිළිබඳ ඇමෙරිකාව තුළ හොඳ හිත ඇති කිරීම සඳහා යැයි පවසමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් සිය තනි මතයට ලබාදීමට අජිත් නිවාඩ් කබ්රාල් මහතා කටයුතු කර තිබෙනවා. එම මුදල් ඔහුගේ පුද්ගලික මුදල් නොවෙයි. මෙරට මහා භාණ්ඩාගාරයේ මුදල්. සුබේරි නම් පුද්ගලයා කිසිවෙකුට නොදැනෙන ලෙස එම මුදල් වලට විද තිබෙනවා. ඉහත සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකානු අධිකරණයක් විසින් නඩුවක් පවරා තිබෙනවා.

යහපාලන ආණ්ඩු සමය තුළ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාවට වඩා විශාල වංචාවක් ඊට පෙර පැවති ආණ්ඩු සමය තුළ සිදුව තිබෙනවා. යහපාලන ආණ්ඩු සමය තුළ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමට අයත් මුදල් ප්‍රමාණයක් රඳවා තබාගැනීමට හැකිව තිබෙන නමුත් ඊට පෙර සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාවේ මුදල් වලට සිදුව ඇති දේ පවා සොයාගැනීමට නොහැකිව තිබෙනවා.

පැවති යහපාලන ආණ්ඩුවම බව හැඳින්වීමට ඇතැම් පිරිස් කටයුතු කළද සමගි ජන බලවේගය අමුතුම සහ නව බලවේගයක්.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට