වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි, මරණ 661 යි..
මේ දක්වා මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (28) දිනයේදී වාර්තා විය. ඒ අනුව ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 1,466 දෙනෙකු වාර්තා වූ අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. එම පිරිස 228 කි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 209 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 172 ක් වාර්තා විය.
මේ දක්වා මෙරටින් වාර්තා වී තිබෙන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 104,953 ක් දක්වා ඉහළ ගිය අතර සුවය ලබා ඇති පිරිස 95083 කි. ඒ අනුව මේ දක්වා රෝහල් ගතව සිටින සංඛ්‍යාව 9,209 ක් බවද සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඊයේ දිනය තුළ වාර්තා වූ මරණ 06 ත් සමඟ මෙරටින් වාර්තාවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 661 ක් තෙක් ඉහළ ගොස් ඇත.