සත්‍යයේ පුවත් අඩහැරය….

බස්නාහිරට ඇතුළු වන සහ පිටවන ස්ථාන වල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අරඹයි..

Podu Jana Peramunaකොවිඩ් රෝගය පළාත් සහ දිස්ත්‍රික්ක අතර පැතිරීම පාලනය කිරීම සඳහා අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 12 කදී පුද්ගලයින් විවිධ පරීක්ෂාවන්ට ලක්කිරීමට නියමිත ඇති බව වාර්තා වේ.පොලීසිය, ත්‍රිවිධ හමුදාව හා සෞඛ්‍ය අංශවල ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස එය සිදුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව කොච්චිකඩේ තෝප්පුව පාලම, කොටදෙණියාව බඩල්ගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම,දොම්පේ සමනබැද්ද පාලම, හංවැල්ල වනහාගොඩ පාලම, අලුත්ගම බෙන්තර පාලම,තිනියාවල හන්දිය,ඉංගිරිය කැටකැදැල්ල පාලම, බදුරලිය – කලවාන සමන් දේවාලය අසල, මීගහතැන්න පොලිස් වසමේ ගොරකදූව අවිත්තාව පාලම, දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව යන ස්ථානවලරැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ජනතාව යොමුකිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට