සත්‍යයේ පුවත් අඩහැරය….

රජය, වෛද්‍යවරුන්ගේ හඬට ඇහුම්කම් නොදුන් නිසා වෛරසය ව්‍යාප්තිය වැඩිවූ බව ස.ජ.බ චෝදනා කරයි…

Podu Jana Peramunaනව අවුරුදු සමයෙන් පසු කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් රට තුළ දැඩි අවදානම් සහගත තත්ත්වයක් උද්ගතවනු ඇතැයි වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ කණ්ඩායම් අවධාරණය කර සිටියද රජය ඊට ඇහුම්කන් නොදුන් බව සමගි ජන බලවේගය අවධාරණය කරයි. ඊයේ (29) දින මාධ්‍ය හමුවක් පවත්වමින් ජේ.සි. අලවතුවල සහ කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් මේ පිළිබඳව අවධාරණය කළ අතර පසුගිය සමය තුළ කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂා කිරීම් පහළයාම හේතුවෙන් සියයට අඩු ප්‍රමාණයකින් දෛනික ආසාදිතයින් වාර්තා වූ බැවින් කෝවිඩ් වසංගතය සමනය වී ඇතැයි පසුගිය අවුරුදු සමයට පෙර ජනතාව අතර මතයක් ඇතිවූ අතර ඒ අනුව අවුරුදු සමයේදී ජනතාව රට පුරා නිදහසේ ඒකරාශීවූ බව ඔවුන් අවධාරණය කළේය. මේ වන විට ඇතිව තිබෙන තත්ත්වයට අනුව කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් සත්‍ය කරුණු රටට හෙළිකිරීමට ආණ්ඩුව කටයුතු කළේද යන ගැටළුව මතුව තිබෙන බවත් එසේ සත්‍ය රටට හෙළිනොකළේ මන්දැයි ඔවුන් ආණ්ඩුවෙන් විමසා සිටියි.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ අයි.සී.යූ. ඇඳන් ඇතුළු අදාළ පහසුකම් සම්බන්ධයෙන් දැඩි අවදානමක් මතුවිය හැකි බවත් ඉන්දියාව තුළ මේ වනවිට ඇතිවී තිබෙන තත්ත්වයට සමාන තත්ත්වයක් මෙරට තුළද ඇතිවීමේ වැඩි අවදානමක් මතුව තිබෙන බවත් රට මෙවැනි භයානක තත්ත්වයකට පත්ව ඇත්තේ පසුගිය සමය තුළ වාර්තා වන නව ආසාදිතයින් සංඛ්‍යාව අඩුවෙන් පෙන්වීමට උත්සාහ කිරීම හේතුවෙන් බව ඔවුන් චෝදනා කරයි. විදේශගත වීමේදී මෙරට ගුවන් තොටුපළට පැමිණ සංචාරක වීසා යටතේ දින 14 ක කාලයක් නිරෝධායනය වීම සඳහා ඉන්දියානු පුරවැසියන්ට අවස්ථාව ලබාදී ඇති අතර මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් විශාල පිරිසක් සිය විරෝධය පළකර තිබෙන බවත් මෙය ඉතා භයානක තත්ත්වයක් උදාකරන, රටට නොගැළපෙන තීරණයක් බවත් ආණ්ඩුවට හිතවත් පුද්ගලයින් කිහිපදෙනෙකුට පමණක් මුදල් උපයා ගැනීමට අවස්ථාව සැලසීම සඳහා ගෙන තිබෙන ඉහත වගකීම් විරහිත තීරණයෙන් සමස්ත රටම අනතුරට ලක්වනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

මෙරට පළමු කොරෝනා රෝගියා ලෙස හඳුනාගැනීමට කටයුතු කරන ලද්දේ චීනයෙන් පැමිණි සංචාරක කාන්තාවක් වන අතර එම කාන්තාව සුව වන විට සෞඛ්‍ය අමාත්‍යවරිය එතුමිය වැළඳගෙන හාදුවක් ලබාදෙමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට කටයුතු කළ බවත් පසුව අධ්‍යාපන කටයුතු සඳහා චීනයට පිටවගොස් සිටි සිසුන් සහ ශ්‍රමිකයින් මෙරටට ගෙන ඒමට කටයුතු කරමින්ද මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කළත් වෙනත් රටවල් වල සිටින ශ්‍රමිකයින් අමතක කර දැමීමට කටයුතු කරමින් ආණ්ඩුවට හිතවත් පුද්ගලයින්ට මුදල් උපයා ගැනීමට හැකි අවස්ථාවක් ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවත් ඒ තුළින් විදේශගත ශ්‍රමිකයින්ට ගැටළු රාශියකට මුහුණදීමට සිදුවී ඇති අතර රජය රටේ ජනතාවගේ ජිවිත සමඟ සෙල්ලම් කීරීමට කටයුතු කරමින් සිටින බව එම මාධය හමුවේදී කාවින්ද ජයවර්ධන මහතා අවධාරණය කලේය.

සෞඛ්‍ය අංශයට, අවුරුදු 80 ට වැඩි සහ කායික රෝග වලට ගොදුරුවි සිටින පුද්ගලයින්ට පළමුව එන්නත් ලබාදීම සිදුකර පසුව වයස් සීමා අනුව එන්නත් ලබාදීම සිදුකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වුවද ඒ ආකාරයට මෙරට බලධාරීන් කටයුතු නොකළ බවත් එම නිසා රටක් ලෙස එහි වන්දිය අද වන විට රටේ සියළුම දෙනාටම ගෙවීමට සිදුවී ඇති බවත් අද වන විට වෛරසය ව්‍යාප්ත වීමේ වර්ධනයක් දැක්නට ලැබෙන බව ඔවුන් අවධාරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට