සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා ව්‍යාප්ත වීමේ වරද ආණ්ඩුව ජනතාව මත පටවලා – සමගි ජන බලවේගය

Podu Jana Peramunaනව අවුරුදු සමයට පෙර මාස 03 ක පමණ කාලයක සිට පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ඉතා අවම මට්ටමෙන් සිදුකර, වාර්තා වන අසාදිතයින් ප්‍රමාණය අඩුවෙමින් පවතින බවට ජනතාවට ඒත්තු ගැන්වීමට ආණ්ඩුව කටයුතු කළ බවට සමගි ජන බලවේගය මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේය. මෙම මාධ්‍ය හමුව සඳහා හර්ෂණ රාජකරුණා සහ එරංග වැලිඅංගේ යන මහත්වරුන් සහභාගී වූ අතර එහිදී සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය පහළ නොදමන්නැයි ඔවුන් අඛණ්ඩව ඉල්ලා සිටි බවත් ඕනෑකමින්ම එම පරීක්ෂණ සිදුකිරීම අඩුකළ බව සෞඛ්‍ය අංශ විසින් පවසන බවත් මෙරට තුළ වංසගතය පැතිරීම සිදු නොවන බව පෙන්වාදීම සඳහා ආණ්ඩුව මෙසේ වගකීම් විරහිත ලෙස කටයුතු කළ බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඇතැම් දිස්ත්‍රික්ක තුළ සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂකණ ප්‍රමාණය අඩුකරන ලෙසට යම් බලපෑමක් සිදුවෙමින් පවතින බව වාර්තා වු අතර වසංගතයේ සත්‍ය තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් වසංගතය පාලනය කළ විට එය තම හැකියාවෙන් සිදුකළ බව පවසන ආණ්ඩුව, ජනතාව නිසිලෙස සෞඛ්‍යය මාර්ගෝපදේශ පිළිනොපැදීම නිසා මේ ආකාරයට වසංගතය ව්‍යාප්ත වූ බවට ආණ්ඩුව විසින් අවධාරණය කිරීමට කටයුතු කරන බවට විපක්ෂය සදහන් කරයි.

කොරෝනා දෙවන රැල්ල ඇතිවීමට පෙර ගම්පහ දිස්ත්‍රික්කය ලොක්ඩවුන් කරන ලෙස තමන් පාර්ලිමේන්තුවේදී කරන ලද ඉල්ලීමට ආණ්ඩුව ඇහුම්කන් නොදීම නිසා තත්ත්වය දරුණු වූ අතර එලෙස නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා වසංගතයේ තුන්වන රැල්ලද ඇතිව තිබෙන බව හර්ෂණ රාජකරුණා මහතා අවධාරණය කළේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට