සත්‍යයේ පුවත් අඩහැරය….

සමාජගත වී නැතැයි ආණ්ඩුව පැවසුවද කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තවී අවසන් – සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක

Podu Jana Peramunaකෝවිඩ් වසංගතය රට පුරා ව්‍යාප්තවී නැතැයි පෙන්වා දීමට ආණ්ඩුව කොතෙක් උත්සාහ කළ ද අද වන විට සමස්ත රටම කොරෝනා වසංගතයට ගොදුරුවී ඇති බව පැවසීමේ කිසිදු වරදක් නොමැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. අද (03) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකල තිස්ස අත්තනායක මහතා එහිදී වැඩිදුරටත් පහත පරිදි සිය අදහස් දක්වා සිටියේය. මේ වන විට කොරෝනා වසංගතය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ වනවිට ජනතාව මෙන්ම රටත්, ආර්ථිකයත් යන සියල්ල කඩාවැටීමකට ලක්වෙලා. වසංගතයේ පළමු රැල්ල මතුවූ අවස්ථාවේදී ගුවන් තොටුපොළ වසාදැමීමට කටයුතු කළේ නම් මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නෑ. දෙවන රැල්ල ඇතිවූ අවස්ථාවේදී ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග ගත්තේ නෑ.

කොරෝනා වෛරසය සමාජගත වී නොමැති බව පවසන ආණ්ඩුව, වසංගතය පාලනය කළ බව සඳහන් කරමින් සිංහල අලුත් අවුරුදු සමය තුළ කිසිදු සංචරණ සීමාවක් පැනවීමට කටයුතු නොකර ජනතාවට යම් නිදහසක් ලබාදීම හේතුවෙන් වසංගතයේ ව්‍යාප්තිය ආරම්භ වුනා. දෛනිකව සිදුකරන පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රමාණය 20000 සිට 5000 ක් දක්වා අඩු කර වෛරසය රට තුළ ව්‍යාප්තව නොමැති බව ඒත්තු ගැන්වීමට ආණ්ඩුව කටයුතු කළ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සඳහන් කර තිබෙනවා. මෙම වසංගත තත්ත්වය, වසන්තයක් බවට පත්කර ගැනීමට ආණ්ඩුවට හිතවත් හෙංචයියන් කටයුතු කළා. කොවිඩ් වසංගතය පිටුදැකීමට තිබෙන එකම විසඳුම එන්තත්කරණය බව ජනාධිපතිවරයා පැවසුවත් ආණ්ඩුව එය සිදුකරන්නේත් අපිළිවෙලකටයි.

එන්තත්කරණය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් ආණ්ඩුව සතුව පැවතියේ නම් අද වනවිට එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් මතුවන්නේ නෑ. මේ වන විට සෞඛ්‍ය අංශ වසංගතය පිළිබඳ අනතුරු ඇඟවීම් ගණනාවක් සිදුකර තිබෙනවා. පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙසත් සඳහන් කර තිබෙනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට