දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස සහ රාත්‍රී වැසි..
අද (03) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල ස්ථාන රැසකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. එමෙන්ම
අදාළ ප්‍රදේශ තුළ වැසි සමඟ අකුණු ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.