සත්‍යයේ පුවත් අඩහැරය….

රුවන්පුර අධිවේග මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ඇරඹේ..

Podu Jana Peramuna මෙරට 07 වන අධිවේග මාර්ගය ලෙස සැලකෙන රුවන්පුර අධිවේග මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අද (07) ආරම්භ කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය අනාවරණය කර සිටියි. ඒ අනුව කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන කොටසේ ඉදිකිරීම් අද ආරම්භ වේ. කිලෝමීටර 73.9 ක දුරින් යුත් කහතුඩුව සිට පැල්මඩුල්ල දක්වා වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටසේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 24.3 ක් වේ. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 54.7 ක මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන අතර දේශීය ඉදිකිරීම් සමාගමක් විසින් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකිරීමට නියමිතව ඇත. අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් 2024 වර්ෂය තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට