සත්‍යයේ පුවත් අඩහැරය….

පටු දේශපාලන අරමුණු නිසා ආණ්ඩුව රට හෝ ජනතාව කෙරෙහි අවධානය යොමුකරන්නේ නෑ – සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

Podu Jana Peramunaකැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් රසායනික පොහොර භාවිතය අත්හිටුවීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය මඟින් රට තුළ ගැටළු රැසක් ඇතිවිය හැකි නමුත් ඒ පළිබඳ ආණ්ඩුව නිසි මෙතෙක් නිසි අවධානයක් යොමුකර නොමැති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. ඊයේ (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකල රංජිත් මද්දුම බණ්ඩාර මහතා එහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකරන ලදී.

මෙම තීරණය හේතුවෙන් මෙරට කෘෂි කර්මාන්තයට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවේවි. කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් නිසි වැඩපිළීවෙලක් පිළිබඳ තීරණයකට එළඹ නැහැ.

වියත්මග සංවිධානයේ වියතුන් මේ වනවිට රට තුළ සිටින්නේද යන ගැටළුව මතුව තිබෙනවා. ඒ තරමටම ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුව තිබෙනවා. රට තුළ වසංගත තත්ත්වයක් නොමැති බව ඒත්තු ගන්වමින් ජනතාවට නිදහසේ කටයුතු කිරීමට ආණ්ඩුව අවස්ථාව උදාකළා. ඒ නිසයි කොරෝනා දෙවන සහ තෙවන රැල්ල ඇති වුනේ. පටු දේශපාලන අරමුණු සාධනය කර ගැනීම සඳහා ආණ්ඩුව ඒ ආකාරයට කටයුතු කළ බව පැවසිය හැකියි. අද වන විට සමස්ත රටම කොරෝනා තෙවන රැල්ලට හසුව තිබෙනවා.

සෞඛ්‍ය බලධාරීන් පවසනවා යම් යම් සීමාවන් පැනවීමට හෝ රට වසා දැමීමට කටයුතු කරන ලෙස. නමුත් ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කරන බවක් දක්නට ලැබෙන්නේ නැ. සමගි ජන බලවේගය කොරෝනා මර්දන කටයුතු වලදී ආණ්ඩුවට සහාය ලබාදීමට සුදානම්. ඒ පිළිබඳ අප ජනාධිපතිවරයාව ලිඛිතව දැනුවත් කළා. නමුත් එක් රැස්වීමකට පමණයි අපව කැඳවීමක් ලැබුනේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව අර්බුදයක් ඇතිව තිබෙනවා. එම පනත සම්බන්ධව අධිකරණය විසින් තීරණයක් ලබාදීමට නියමිතයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට