නිරෝධායන නීති උල්ලංඝනය කළ 947 ක් ඊයේ දිනයේදී දැලේ..
ඊයේ (02) දිනය තුළදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 947 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 21,087 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.