මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද ..
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නම යෝජනා කිරීම සමබන්ධයෙන් එහිදී අවධානයට ලක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නම් කරමින් ඊට අදාල ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් අද දිනයේ නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.