සත්‍යයේ පුවත් අඩහැරය….

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ..

Podu Jana Peramunaපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව 32 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (06) මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.ඔහු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම පුද්ගලයා ඔන්ලයින් ක්‍රමයට රෙදිපිළි ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහුව රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කෙරෙන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස හඳුනාගෙන සිටින සහරාන් හෂීම් නැමැත්තා 2018 වසරේ අවසාන කාලයේදී ලංකාවේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් තරුණයින් සම්බන්ධ කරගෙන පන්ති පවත්වා ඇති බවට අනාවරණය වී ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම පන්ති හරහා අන්තවාදී සහ වහබ්වාදී මතවාද තරුණයින් අතර ප්‍රචාරය කිරීමට සහරාන් උත්සාහ ගෙන ඇති බවයි. මෙම පන්ති සංවිධානය කළ පුද්ගලයින් සහ එම පන්ති තුළ ඉගැන්වීම් කළ පුද්ගලයින් සොයා නිරන්තරයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට