සත්‍යයේ පුවත් අඩහැරය….

විදේශ කටයුතු අමාත්‍යවරයකු සිටියදී ජනපති රට යන්නේ ඇයි?, සුජිත්ගෙන් ජනපතිට ප්‍රශ්නයක්…

Thissaකෙසේහෝ නඩුවක් ගොනුකර ජනාධිපතිවරණය කල්දැමීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවට පා.ම. සුජිත් සංජය පෙරේරා මහතා පැවසීය. ජනාධිපතිවරණය කල්දමා මහමැතිවරණයක් පවත්වා අනතුරුව ජනාධිපතිවරණයකට යාමටත් එතුමාගේ අරමුණ වී ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

අද (15) දින විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුකදී මන්ත්‍රීවරයා මේ පිලිබඳව අදහස් දක්වීය.

පවත්න තත්ත්වය හමුවේ IMF ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව කෙරේ අප්‍රසන්තභාවයක් ඇතිවී තිබෙන බවත්, විදුලි බිලද මේ වනවිට දකුණු ආසියාවේ වැඩිම අගය ලබාගෙන ඇති බවත්, මෙරට ඇතිවී තිබෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩඒමට ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් නොවීම හේතුවෙන් එම ගැටලුකාරී තත්ත්වයන් එලෙසම පවතින බවත්, මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍යවරයකු සිටියදී ජනාධිපතිවරයා විදේස් ගතවීම අවශ්‍ය නොවන බැවින් ඒ සඳහා වියදම් කරන මුදල් නාස්ති නොකර මෙරට තුළ සිට රටේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමට කටයුතු කරන ලෙසට එහිදී පෙන්වා දී ඇත. අසත්‍ය සමීක්‍ෂණ ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යැවීමට යම් යම් පක්‍ෂ කටයුතු කරන බැවින් ජනතාවගේ කැමැත්ත හිමි පක්‍ෂය කුමක්ද යන්න ඔප්පු කිරීම සඳහා ජනාධිපතිවරණයක් පැවැත්වීට කටයුතු කරන ලෙස එහිදී මන්ත්‍රීවරයා විසින් ඉල්ලීමක්සි කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට