සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණයට චිත්‍රපට පෙන්වන්න එපා, මහෙස්ත්‍රාත්වරිය කෙහෙළියගේ නීතිඥයාව දැනුවත් කරයි…

Thissaපසුගිය දින බන්ධනාගාරගත කෙරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයක් පවතින බව ඔහුගේ නීතීඥයින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත. එම සුවිශේෂී රෝගී තත්ත්වයෙන් පෙළෙන තම සේවාදායකයාට එවැනි අවස්ථාවකදී කෘතිමව ඔක්සිජන් ලබාදිය යුතු බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙන්වාදී ඇත. ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට ඇප ඉල්ලීම් ඉදිරිපත් කළද එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමට මහෙස්ත්‍රාත්වරිය කටයුතු කර ඇත.

“ස්වාමීනි, ඔහුට තිබෙන රෝග අතර ඔහුට තිබෙන සුවිශේෂීම රෝගී තත්ත්වය තමයි රෑට නින්දෙන් හුස්ම හිරවීම. එය රෝගී තත්ත්වයක්. ඔහුට නොදැනුවත්වම ඔහු ලබා ගන්නා ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒ වෙලාවට ඔහුට කෘතිමව ඔක්සිජන් සපයන්න ඕනේ.” යනුවෙන් නීතීඥයා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර එයට පිළිතුරු වශයෙන් මහෙස්ත්‍රාත්වරිය විසින් පවසා ඇත්තේ “කිසියම් සැකකරුවකුට රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට පිළිගත හැකි සත්‍ය වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුයි. නැතුව ෆොටෝකොපි ඉදිරිපත් කරලා ඒවා පිළිගන්න බැහැ. ඒවගේම අන්තර්ජාලයෙන් ලබාගත් රූප සටහන් අධිකරණයට ඉදිරිපත් කළාට ඒවා පිළිගත හැකි සාක්ෂි නොවෙයි. අධිකරණය ඉදිරියේ චිත්‍රපටි පෙන්වන්න අවස්ථාව දෙන්න බැහැ” යනුවෙනි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට