සත්‍යයේ පුවත් අඩහැරය….

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ..

Thissa අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවත්නා ගැටලු සහ අභියෝග මෙන්ම ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) පවත්වා ඇත. අධ්‍යාපන අමාත්‍යවරයා සහ සියලු‍ ආණ්ඩුකාරවරුන්, පළාත් අධ්‍යාපන බලධාරින් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පළාත් නවය ඒකාබද්ධ කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ඒ සඳහා වෙනම ඒකකයක් ස්ථාපනය කිරීමට මෙහි දී යෝජනා වී ඇත. එමෙන්ම පළාත් බලධාරින් සහ රේඛීය අමාත්‍යාංශ නිලධාරින් අතර පවතින බෙදීම් හේතුවෙන් මතු ව ඇති ගැටලු සම්බන්ධයෙන් වෘත්තීය සමිති මෙහි දී කරුණු දක්වා ඇති බව සඳහන් ය.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු.ගමගේ මහතා පැවසුවේ, වෘත්තීය සමිති සිය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා පමණක් කතා කිරිම නුසුදුසු බවයි.

ගැටලු සාකච්ඡා කිරිම පමණක් ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා එහි දී සඳහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට