සත්‍යයේ පුවත් අඩහැරය….

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයගන්නවා – මුජිබර් රහුමාන් ..

Thissa ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය විසින් ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා සියළුම බලය පවතින්නේ මැතිවරණ කොමිෂන් සභාවට බවට සඳහන් කර ඇති අතර එය අමුතුවෙන් පැවසීමට අවශ්‍ය නොවන අතර ජනාධිපති මාධ්‍ය අංශයට මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම පිළිබඳව පැහැදිලි කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි හිටපු පා.ම. මුජිබර් රහුමාන් මහතා පවසයි. ඒ මහතා ඊයේ ( 20)  දින විපක්බ‍ෂ නායක කාර්වයාලයේ පැවති මාධ්‍ය හමුවක   එක්වෙමින් ඒ බව පැපසීය.

ජනාධිපතිවරය සිය පාලන සමයන් තුළදී මැතිවරණයන් කල්දැමීමට කටයුතු කර ඇති නිසා ඉදිරි ජනාධිපතිවරණයද ඒ අනුව කුමන හෝ ක්‍රමයකින් කල්දැමීම සඳහා අවශ්‍ය වටපිටාව සකස්කරමින් සිටින බව හෙතම පවසයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට යම් යම් පාර්ශවයන් පවසා සිටින අතර ඒ පිළිබඳව ගැටළුවක් නොමැති වුවද ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු පසුබිමක් තුළ ජනාධිපතිවරණය අහෝසි කිරීමට සාකච්ඡා කිරීම ගැටළු සහගත යැයි මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය කිරීමට නොහැකි නිසා ජනාධිපතිවරණය අහෝසි කිරීමට යම් යම් උපක්‍රම දියත් කරමින් සිටියද වික්‍රමසිංහ රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කිරීම සඳහා රටේ ජනතාවද බලාසිටින බැවින් රටේ ජනතාව ජනාධිපතිවරණය කල්දැමීම සඳහා ඉඩ ලබානොදෙනු ඇති බව මන්ත්‍රීවරයා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බවට විශ්වාසයක් පවතින බවත්, ජනාධිපතිවරණය කල්දැමීම සඳහා උත්සාහ කරනු ලබන්නේ එම නිසාද යන්න ගැ‍ටළුවක්  බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට