සත්‍යයේ පුවත් අඩහැරය….

රටවල් 06ක තානාපතිවරු අනුර හමුවට…

Thissaරටවල් හයක තානාපතිවරුන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡාවන් පවත්වා ඇති බව වාර්තාවේ. මෙම හමුවීම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (6) දින සිදුවී ඇති බවත්, එහිදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව තානාපතිවරුන් දැනුවත් කිරීමද සිදුවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙලෙස හමුවී ඇති තානාපතිවරුන් වන්නේ පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය Zuhair M.H. Dar Zaid මහතා, තුර්කි ජනරජයේ තානාපතිනි R. Demet Sekercioglu මහත්මිය, බංගලාදේශ ජනරජයේ මහකොමසාරිස් Tareq M.D. Ariful Islam මහතා, ඉන්දුනීසියානු ජනරජයේ තානාපති Dewi Gustina Tobing මහත්මිය, එම තානාපති කාර්යාලයේ ප්‍රධාන කොන්සල් Heru Prayitno මහතා, මැලේසියානු මහකොමසාරිස් Badli Hisham Bin Adam මහතා, මාලදිවයින් ජනරජයේ වැඩබලන තානාපතිනි Fathimath Ghina මහත්මිය යන රාජ්‍යතාන්ත්‍රිකයෝය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට