ලංකාව කියුබාවක් කිරීම පාර්ශවයන් කිහිපයකගේ අරමුණයි, පාඨලීගෙන් චෝදනා…
ශ්‍රී ලංකාව කියුබාවක් බවට පත්කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවට එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි. මේ වන විට කියුබාවේ පාලන තන්ත්‍රය බිඳ වැටී ඇති බවත්, ඔවුන්ට රටට අවශ්‍ය කිරිපිටි ලබාගැනීමටද නොහැකිව ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ආධාර ඉල්ලීමට කියුබාවේ පාලකයින් කටයුතු කර ඇති බවත්, පෙන්වා දෙයි.
එවැනි වටපිටාවක කියුබාවේ ක්‍රියාත්මක වන සමාජවාදී ස්වරූපයේ පාලනයක් මෙරටද ස්ථාපනය කිරීමට ඇතැම් පාර්ශව ක්‍රියාකරන බව පාඨලී චමිපික රණවක
පසුගිය දින පාර්ලිමේන්තුවේදී පැවසීය.