සත්‍යයේ පුවත් අඩහැරය….

IMF නියෝජිතයින් සහ මෙරට පාර්ශවයන් සමඟ සාකච්ඡා…

Thissaජාත්‍යන්තර මුල්‍ය අමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (11) දින මෙරට නියෝජිතයින් හමුවීමට නියමිතව ඇති බවට වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාවන් සිදු කිරීමට නියමිත අතර එම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ද විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට, ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාටද ආරාධනා කර ඇතත් තමන් එම සාකච්ඡාවන් සඳහා සහභාගී නොවන බව දැනුම් දී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානය පමණක් ඊට සහභාගී වන බව ප්‍රකාශ කර ඇති අතර තමා ඉල්ලා සිටියේ IMF නියෝජිතයින් සමග සාකච්ඡාවක් නොව ණයහිමියන් සමග සාකච්ඡාවක් බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට