සත්‍යයේ පුවත් අඩහැරය….

කතානායකට එරෙහි විපක්‍ෂයේ විශ්වාසභංග යෝජනාවට දින නියම කෙරේ…

Thissaපාර්ලිමේන්තු පිළිබඳ කාරක සභාව රැස්වී කතානායකවරයාට විරුද්ධව ගෙනඑන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම කරන බවත්, ඒ සඳහා ප්‍රමුඛස්ථානය දිය යුතු බවත්, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. මේ වසරේදී ජාතික තලයේ මැතිවරණයක් පැවැත්වෙන බවත්, ඒ සඳහා මුදල් නොමැති බව පවසමින් කල්දැමීමට කටයුතු කළහොත් ඊට විරුද්ධව විපක්‍ෂය පෙනී සිටින බවත්, කුමන මැතිවරණයක් කල් දැමීමට කටයුතු කළත් ජනාධිපතිවරණය එක්තරා කාල රාමුවක් තුළ අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත්, එහිදී මන්ත්‍රීවරයා පැවසීය.

ඒ අනුව 2024 සැප්තැම්බර් 17 ත් ඔක්තෝබර් 17 ත් අතර කාල පරාසය තුළ ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්වීමට සිදුවන බවත්, 2024 ජූලි 15 වැනි දින පසු මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ බලය නීතියෙන් හිමිවන බව.

ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරනු ලබන්නේ නම් මේ වසරේ මැයි 13 වන දිනෙන් ආරම්භ වන සතිය ඇතුළත වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවත්, ආණ්ඩුව මැතිවරණ වලට බය නිසා මුදල් නොමැති යැයි පවසා මැතිවරණ කල් දැමීමට නොයෙකුත් උපක්‍රම යොදමින් සිටින බවත්, එවැනි සිදුවීමක් සිදු වුවහොත් මැතිවරණ ලබාගැනීම වෙනුවෙන් සටන් කරන බවත්, හෙතෙම පැවසීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට