පාඨලීත් ඉන්දියාවට…
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (11) ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. ඒ, ඉන්දියාවේ මිසෝරාම් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ (Mizoram University) ආරාධනාවකට අනුව එහි පැවැත්වෙන පරිසරය හා තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීම සඳහා බව පක්‍ෂය පැවසීය.