සත්‍යයේ පුවත් අඩහැරය….

දේශපාලන මොලකරු බැසිල්, පොහොට්ටුවේ ජය නියතයි, තිස්ස කුට්ටිගෙන් සහතිකයක්…

Thissaඅංක ගණිතය නිවැරදිව හඳුනන, ආසනයෙන් ආසනයට, කොට්ඨාශයෙන් කොට්ඨාශයට, ජනපදනම මත, වර්ග පදනම මත, භාෂා පදනම මත, ආර්ථික පදනම මත ඡන්ද හැසිරෙන ආකාරය හොඳින් දන්නා එකම දේශපාලනඥයා බැසිල් රාජපක්‍ෂ මහතා බව පා.ම. තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය. ජනතාව 2024 වසර තුළ ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනු ඇතැයි විශ්වාසයෙන් සිටින බවත්, ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාට ගරුකරන වත්මන් ජනාධිපතිවරයා ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කරනු ඇති බවත්, පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කළත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස එයට මුහුණදීමට සුදානම් බවත්, මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

අද (12) නෙළුම් මාවත පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධය හමුවකට එක්වෙමින් මේ පිළිබඳව අදහස් දැක්වූ අතර ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස අනුර කුමාර දිසානයක සහ ස.ජ.බ.යේ අපේක්‍ෂකයා ලෙස මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා තෝරාගෙන අවසන් බවත්, රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීම පිළිබඳව ද යම් යම් අදහස පල වන අතර මෙතෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳව තීරණයක් ගෙන නොමැති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

රටට නිදහස ලබාදීමට කටයුතු කළේ මහින්ද රාජපක්‍ෂ මහතා මිස අනුර කුමාර දිසානායක නොවන බව එතුමාගේ කාන්තා සමුළුවලට පැමිණෙන කාන්තාවන්ට පැවසීම සිදුවන බව හෙතෙම එහිදී පැවසීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට