IMF නියෝජිතයින් සහ ජනපති අතර හමුවක්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (07) ජනාධිපතිවරයා හමුවීමට නියමිතව ඇත.ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු ආරම්භ කිරීම සඳහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. අද ආරම්භ වන සමාලෝචන කටයුතු සති දෙකක පමණ කාලයක් පැවැත්වෙනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.