උතුරු සහ වයඹ පළාත් වලට ප්‍රධාන ලේකම්වරු පත් කෙරේ…
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙකු වන එල්. ඉලංගෝවන් මහතාව උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙසත් වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත්කර ඇත. අදාළ පත් කිරීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (12) ජනාධිපති කාර්‍යාලයේ දී පිළිගන්වා ඇත.