සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු ජනපතිට කට වැරදී CID හමුවට…

Thissaපාස්කු ප්‍රහාරය අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දීමක් කර ඇත. ඒ අනුව අද (25) ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

පසුගිය දිනක මහනුවර ප්‍රදේශයේදී පැවති රැස්වීමකදී පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමා දන්නා බවට මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය අනුව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදෙනු ලැබීය.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට නීතිමය වගකීමක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද සඳහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට