සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති සහ බැසිල් අතර ඉදිරි මැතිවරණයන් පිළිබඳව සාකච්ඡාවක් ..

Thissaජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (21) රාත්‍රියේ සිදුවී ඇත. එහිදී ජනාධිපතිවරණය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සෙසු මැතිවරණ පිළිබඳ සහ දේශපාලන කටයුතු පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවී ඇත. පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම හමුව සිදුවීම විශේෂත්වයක් වේ. ඒ අනුව ඉදිරි මැතිවරණයන්ට අදාළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවෙතත් මැතිවරණය පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වය අතර අවසන් එකඟතාවක් ඇතිවී නොමැති බැවින් ඉදිරියේදීත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට