සත්‍යයේ පුවත් අඩහැරය….

සයිටම් උපාධිය පිළිගත්තොත් වෙෙද්‍ය සභාවේ අනුමැතිය නොමැති අායතනයකින් නිල වෙෙද්‍යවරු බිහිකරන ලෝකයේ පළමු හා එකම රට ශ්‍රී ලංකාව වේවි – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=රටක වෙෙද්‍ය සභාව යනු එරටෙහි සෞඛ්‍ය අංශය මනාව පවත්වාගෙන යාම සදහා පනතක් මගින් පිහිටුවන ලබන පිළිත් මූලික සිද්ධාන්තයක් වන අතර එම සභාවෙහි අනුමැතියකින් තොරව වෙෙද්‍ය විද්‍යාලයක් පවත්වාගෙන යාම හෝ වෙෙද්‍යවරයෙකු බිහි වීම රෝගී අයිතිවාසිකම් වලට සෘජුවම පිටුපෑමක් බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෙෙද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ අද (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් කරුණු දක්වමින් වෙෙද්‍ය පාදෙණිය මහතා පවසා සිටින ලද්දේ මාලඹේ වෙෙද්‍ය විද්‍යාලයට වෙෙද්‍ය උපාධිය පිරිනැමීමේ හැකියාවක්ද නොමැති අතර ඒ සදහා කිසිදු නීත්‍යානුකූල පදනමක්ද අදාළ වෙෙද්‍ය විද්‍යාලයට නොමැති බවයි. මාලඹේ වෙෙද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා ගත් බව පවසමින් එහි සිසුවියක් විසින් අභියාචණාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර අැති බවත් යම් හෙයකින් අදාළ පෙත්සම සම්බන්ධයෙන් අවධානය යොමු කර අැගේ ඉල්ලීමට ඒකග වුවහොත් රටේ වෙෙද්‍ය සභාව පිළිනොගන්නා ලද අායතනයකින් නිල වෙෙද්‍යවරු බිහිකරන ලෝකයේ පළමු හා එකම රට ශ්‍රී ලංකාව වනු අැති බවත් වෙෙද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙහිදී පවසා සිටින ලදී. අදාළ තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා සිටිමින් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක්ද යැවීමට රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර අැත.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෙෙද්‍ය නවීන්ද සොයිසා සහ මාධ්‍ය ප්‍රකාශක වෙෙද්‍ය සමන්ත අානන්ද යන මහත්වරුන් අැතුළු පිරිසක් සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට