සත්‍යයේ පුවත් අඩහැරය….

යහපාලන අාණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා කාන්තාවන් පීඩනයකට සහ අසරණභාවයකට පත්වෙලා – එ.ජ.නි.ස බස්නාහිර පළාත් සභා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝකා ලංකාතිලක

 /><span style=වත්මන් යහපාලන අාණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ මෙරට කාන්තාවන් දැඩි පීඩනයකට සහ අසරණභාවයකට පත්ව අැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන බස්නාහිර පළාත් සභා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝකා ලංකාතිලක මහත්මිය අවධාරණය කර සිටියි. අැය විසින් මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (03) බත්තරමුල්ලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් අශෝකා ලංකාතිලක මහත්මිය පවසා සිටියේ වත්මන් යහපාලන අාණ්ඩුව තරම් ජනතාව තුළ අපකීර්තියට පත් අාණ්ඩුවක් මෙරට ඉතිහාසයේ නොපැවති බවයි. හිටපු ජනාධිපති අාර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ අැගේ දරුවන්ට වත්මන් අාණ්ඩුව විසින් දිගින් දිගටම පහර දෙමින් සිටින අතර අාණ්ඩුවේ බංකොළොත්භාවය වසා ගැනීම සදහා විවිධ පාරෟහවයන්ට අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටින බවත් මෙම තත්ත්වය ඉදිරියටද පවතින්නේ නම් දැවැන්ත කාන්තා විරෝධයක් අාණ්ඩුවට එරෙහිව මතුවනු අැති බවත් ලංකාතිලක මහත්මිය සිය අදහස් දක්වමින් වැඩිදුටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට එක්වූ පළාත් පාලන නියෝජිත සංසදයේ ලේකම් කාන්ති කොඩිකාර මහත්මිය සිය අදහස් දක්වමින් පවසා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හැසිරීම කාන්තාවන් අගෟෙරවයට පත්කිරීමක් වන අතර ඒ මහතා මතෘත්වයට ගරු නොකිරීම කනගාටුවට කරුණක් වන බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා ව්‍යාපාරික විද්වත් සංගමයේ සභාපති ෂර්මිලා ගෝනවිල මහත්මියද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට