සත්‍යයේ පුවත් අඩහැරය….

ගොවියාට අද සිදුව අැත්තේ මඩ සෝදා රජවීමට නොව, වස බීමටයි – ප්‍රගතීශීලි ගොවි ජන සමිති සම්මේලනය

 /><span style=වත්මන් යහපාලන අාණ්ඩුව බලයට පත්ව මේ වන විට වසර දෙකක කාලයක් ගතව අැතත් මේ දක්වා මෙරට ගොවි ජනතාවට සිදුවූ සෙතක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා අවධාරණය කර සිටියි. ගොවි ජනතාව මුහුණ දී අැති ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා ගැනීම සදහා ඊයේ (03) බත්තරමුල්ල, ශ්‍රී ලකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී මෙහිදී “ප්‍රගතීශීලි ගොවි ජන සමිති සම්මේලනය” නමින් නව සංවිධානයක් පිහිටුවා ගන්නා ලද අතර සම්මේලනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා විසින් ඉහත අදහස් පළ කරන ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේදී තරම් මෙරට ගොවි ජනතාව වෙත සහන ලබාදුන් වෙනත් රජයක් නොමැති බවත් විවිධ වගාවන් සදහා ලබා දෙන ලද පොහොර සහනාධාරය පවා කප්පාදු කිරීමට වත්මන් අාණ්ඩුව කටයුතු යොදා අැති බව චන්ද්‍රසේන මහතා විසින් වැඩිදුරටත් පවසා සිටින ලදී. “මඩ සෝදා ගත්කළ ගොවියා රජකමටත් සුදුසුය” යන කියමන අද වන විට පිළිගත නොහැකි වී අැති අතර ගොවියාට අද සිදුව අැත්තේ වස පානය කිරීමට බවත් ගොවි ගැටළු සම්බන්ධයෙන් ප්‍රගතීශීලි ගොවි ජන සමිති සම්මේලනය ඉදිරියට පෙනී සිටින බවත් එස්.එම් චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට