සත්‍යයේ පුවත් අඩහැරය….

සයිටම් විරෝධී විශ්වවිද්‍යාල සිසු විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය මිලේච්ඡතම ප්‍රහාරයක්, හෙළා දකිනවා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයට එරෙහිව වෙෙද්‍ය පීඨ සිසුන් විසින් පවත්වන ලද විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරය, මෙරට ඉතිහාසයේ සිදුව මිලේච්ඡතම ප්‍රහාරයක් බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (03) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෙෙද්‍ය නවීන් සොයිසා මහතා විසින් මේ බව පවසා සිටින ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ් මහතා පවසා සිටියේ නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් අරගල කරන ලද විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල කළ මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවයි.

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට පක්ෂව කටයුතු කරන බවත් මෙම ගැටළුව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පවා ගෙන යාමට කටයුතු කරන බවත් වෙෙද්‍ය නවීන් සොයිසා මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෙෙද්‍ය හරිත අලුත්ගේ සහ මාධ්‍ය ප්‍රකාශක වෙෙද්‍ය සමන්ත අානන්ද යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට