සත්‍යයේ පුවත් අඩහැරය….

අාණ්ඩුව කෙරෙහි පවතින ජනතා අකමැත්ත පළ කිරීමට අත්සන් පනස් අට ලක්ෂයක පෙත්සමක් අත්සන් කරනවා – ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය අත්

 /><span style=වත්මන් අාණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ පවතින විරෝධය පළ කිරීම සදහා අත්සන් ලක්ෂ 58 කින් යුතු පෙත්සමක් අත්සන් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය පවසා සිටියි. ඊයේ (03) නාරාහේන්පිට අභයාරාමයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ අාණ්ඩු විරෝධී ක්‍රියාකලාපය හමුවේ වත්මන් යහපාලන අාණ්ඩුව බියට පත්ව අැති බැවින් දිගින් දිගටම අාණ්ඩුවට එරෙහිට කටයුතු කරන බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගී වූ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මන්ඩලයේ කැදවුම්කරු ඩබ්ලිව්.එච් පියදාස මහතා පවසා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ක්‍රියාකලාපයට රාජ්‍ය සේවකයින් සමග එක්ව ඉදිරියේදී විරෝධය පළ කරන බවයි.

අග්‍රාමාත්‍ය උපදේශකයින් වන චරිත රත්වත්තේ, අාර්. පාස්කරලිංගම් සහ අමාත්‍යවරුන් වන රවී කරුණානායක, මලික් සමරවික්‍රම යන සිව්දෙනා විසින් වත්මන් අාණ්ඩුව පාලනය කරන බවත් හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සම්බන්ධයෙන් පවත්වන ලද විරෝධතාවයට සහභාගි වීම නිසා අත්අඩංගුවට පත් පුද්ගලයින් නිදහස් කරන තෙක් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඩබ්ලිව්.එච් පියදාස මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට