සත්‍යයේ පුවත් අඩහැරය….

නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය පහත හෙළන “සයිටම්” අායතනයට එරෙහිව සියළු බලවේග සමග එක්ව විරෝධය පළ කරනවා – “සාධාරණත්වයේ ජන හඩ” සංවිධානය

 /><span style=වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ විහිළුකාරයෙකු බවට පත්ව අැති බවත් මැතිවරණයෙන් පරාජය වුවද අාණ්ඩුවේ අමාත්‍යධූර ලබා ගෙන සිටින එස්.බී දිසානායක වැනි පුද්ගලයින්ගේ අදහස් වලට අැහුම්කන් දීමට රටේ ජනතාවට සිදුව අැති බවත් “සාධාරණත්වයේ ජන හඩ” සංවිධානය පවසා සිටියි. ඊයේ (03) කොළඹ විද්වත් වෘත්තිකයින්ගේ සංගම් කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ “සාධාරණත්වයේ ජන හඩ” සංවිධානයේ සභාපති නීතිඥ ගාමිණි ඒකනායක මහතා විසිනි.

සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් විසින් පවත්වන ලද විරෝධතාවට එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකින බවත් නිදහස් අධ්‍යාපනයත් රටේ සෞඛ්‍ය අංශයත් පහළට අැද දමන සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට එරෙහිව සියළු කොටස් සමග එක්ව විරෝධය පළ කරන බවත් වැඩිදුරටත් සිය අදහස් පළ කළ ගාමිණි ඒකනායක මහතා අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගී වූ “සාධාරණත්වයේ ජන හඩ” සංවිධානයේ ලේකම් ඩී.පී වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ලොතරැයි අලෙවිකරුවන් හෝ ව්‍යාපාරිකයින් විසින් තම ව්‍යාපාරික ගැටළුවක් සම්බන්ධයෙන් විසදුම් ඉල්ලා අරගල කළේ නම් යුහුසුළුව ඊට විසදුම් ලබා දෙන වත්මන් අාණ්ඩුව, රටේ ප්‍රධානතම ගැටළුවක් බවට පත්ව අැති නිදහස් අධ්‍යාපන කප්පාදුව පිළිබද අරගල නොකර හඩක් පමණක් නැගූ විශ්වවිද්‍යාල සිසුන්ට කන් නොදුන් බවයි.

මෙම අස්ථාව සදහා “සාධාරණත්වයේ ජන හඩ” සංවිධානයේ ප්‍රධාන සංවිධායක ප්‍රේමසිරි ප්‍රේමරත්න සහ සාමාජික නීතිඥ ජයන්ති ඒකනායක යන මහත්ම මහත්මීන් සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට