සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය ආයතන 15 ක් සම්බන්ධයෙන් කෝප් වාර්තාවක් එළඹෙන සතියේ …

 /><span style=රාජ්‍ය ආයතන 15කට අදාළව සිදුකරන ලද විමර්ශන පිළිබද වාර්තාවක් පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.ඒ අනුව පෙබරවාරි මස 08 වන දින අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කර ඇත.වැඩිදුරටත් අදහස් දක්වමින් හදුන්හෙත්ති මහතා සදහන් කර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය, වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, රූපවාහිනී සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන 15ක් පිළිබදව සිදුකළ විමර්ශන වාර්තාවක් එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.එම ආයතනවල සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබදව කෝප් කමිටුව විසින් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මෙම වාර්තාව සකස් කළ බව ද ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කර ඇත.

කර ඇති බව සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මීට පෙර රාජ්‍ය ආයතන 19ක් සම්බන්ධයෙන් ද කෝප් කමිටුව විසින් සිදුකළ විමර්ශනවල අතුරු වාර්තාවක් පසුගිය අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

එම වාර්තාව මඟින් රාජ්‍ය ආයතන රැසක සිදුවී ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබදව හෙළි කර ඇති අතර එම වාර්තාවල පිටපත් ජනාධිපතිවරයාට, අග්‍රමාත්‍යවරයාට සහ නීතිපතිවරයාට යොමුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කළේය.

මේ වන විට රාජ්‍ය ආයතන 33ක් පිළිබඳව කෝප් කමිටුව විසින් මූලික විමර්ශන පවත්වා ඊට අදාළ වාර්තා සකස් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට