සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” වරෝධී කණ්ඩාම් වලට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි – සමස්ත ලංකා වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය දක්වා කටයුතු කරන ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාව සහ අනෙකුත් වෙෙද්‍ය සංගම් වලට එරෙහිව කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සමස්ත ලංකා වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. එම සංගමයේ සභාපති වෙෙද්‍ය ගිශාන්ත දසනායක මහතා විසින් මේ බව පවසා සිටියේ අද (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් පළ කරමින් වෙෙද්‍ය ගිශාන්ත දසනායක මහතා පවසා සිටියේ මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට, වෙෙද්‍ය සිසුන් බිහිකිරීමට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීම සදහා වන මූලික ප්‍රමිතිය හෝ නොමැති බව සහ මෙම අායතනය සම්බන්ධයෙන් පසුගිය දිනෙක ලබා දුන් නඩු තීන්දුව තුළින් “නඩුත් හාමාදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ” යන කියමන සනාථ වන බවයි. ලොතරැයි අලෙවිය සම්බන්ධයෙන් පසුගියදා අැතිවූ ගැටළුවට මැදිහත්ව ඊට කඩිනම් විසදුම් ලබා දීමට මැදිහත්වූ ජනාධිපතිවරයා, නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් රටේ අැතිව තිබෙන දැඩි ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත් නොවන්නේ මන්දැයි  ගැටළුවක් පැන නගින බවද වෙෙද්‍ය ගිශාන්ත දසනායක මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෙෙද්‍ය ධම්මික පතිරණ, භාණ්ඩාගාරික වෙෙද්‍ය කෞෂල්‍ය රාජපක්ෂ සහ උප ලේකම් වෙෙද්‍ය ජයන්ත රාජපක්ෂ යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට