සීමා නිර්ණ වාර්තාව සතියක් අැතුළත ගැසට් කරනවා – පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා
සීමා නිර්ණ කමිටු වාර්තාව ඉදිරි සතියක කාලය ඇතුළත ගැසට් කිරීමට කටයුතු කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතා පවසා සිටියි. වාර්තාවේ දෝෂ නිවැරදි කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවීමෙන් පසු මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකශ කර සිටින ලදී.