ගංඟාරාම විහාරස්ථාන පෙරහැර නිසා මාර්ග කිහිපයක් අද රාත්‍රියේදී තාවකාලිකව වැසේ
කොළඹ – හුණුපිටිය ගංඟාරාම විහාරස්ථාන නවම් මහ පෙරහැර හේතුවෙන් ඒ අවට මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමීමට නියමිතව අැත. ඒ අනුව පෙරහැර ගමන් කරනු ලබන ශ්‍රීමත් ජේම්ස් පිරිස් මාවත, පෙරහැර මාවත, උත්තරානන්ද මාවත සහ නවම් මාවත අද (09) සවස 0500 සිට පෙරහැර අවසන් වන තුරු තාවකාලිකව වසා දැමීමට නියමිතව අැති බව පොලිස් අාරංචි මාර්ග පවසා සිටියි.