කොළඹ කුණු ගෙන එනවාට එරෙහිව ඒකල ජනතාවගේ විරෝධය..
කොළඹ ප්‍රදේශයෙන් ඉවත් කරනු ලබන කුණු කසළ ඒකල සහ ජා අැළ ප්‍රදේශවලට බැහැර කිරීමට බලධාරීන් විසින් තීරණය කිරීමට විරෝධය දක්වා එම ප්‍රදේශ වල ජනතාව මේ වන විට පවත්වනු ලබන උද්ඝෝෂණ ව්‍යාපාරයක් හේතුවෙන් ඒකල – මඩම මංසන්දිය අාශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් අැතිවී තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් කොළඹ – මිනුවන්ගොඩ මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වී අැති අතර මෙම කුණූ බැහැර කිරීමේ ගැටළුව සම්බන්ධයෙන් මින් පෙර සිටම විවිධ විරෝධතා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක විය.