සහල් හිඟය මගහරින්න මණ්ඩලය සතු වී අපට දෙන්න – සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය
මේ වන විට රටතුළ පවතින සහල් හිඟය මගහරවා ගැනීම සදහා වී අලෙවි මණ්ඩලය සතු මෙට්‍රික් ටොන් 67,000 ක පමණ වී තොග සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත ලබාදෙන ලෙස සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටියි. මුදල් අමාත්‍යාංශ බලධාරීන් හා ඊයේ (13) පැවත සාකච්ඡාවකදී එම සංගමය විසින් මෙම අදහස් පළ කරන ලදී.