සත්‍යයේ පුවත් අඩහැරය….

අළුත් අවුරුද්දේ උරුමයන් දූවා දරුවන් වෙනුවෙන් සුරක්‌ෂිත කිරීම අප සතු වගකීමයි – අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ

විශ්වයේ පැවැත්මට ප්‍රබල සාධකයක්‌ වන හිරුට කළගුණ පුද කරමින් පවත්වන මහා සංස්‌කෘතික මංගල්‍යය වන සිංහල දමිළ නව අවුරුද්දෙන් හිමිව ඇති උරුමයන් දූ දරුවන් සදහා හඳුන්වා දෙමින් එම උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් සුරක්‌ෂිත කිරීම අප සතු වගකීම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. සිංහල හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියි. වාර්ගික, ආගමික, පක්‌ෂ, වර්ණ භේද ඉවත් කර එක්‌සේසත් බව මනාව පිළිබිඹු වන වෙනත් ජාතික උත්සවයක් නොමැති බවත් එ් තුළින් සාමය, සතුට, සංහිඳියාව, එක්සත්බව සෑම මොහොතකදීම අප සිත්සතන් තුල පවත්වා ගත හැකි බවත් ඒ තුළින් මුළු මහත් සමාජයම සාමකාමී සහ යහපත් සමාජයක්‌ බවට පරිවර්තනය වනු ඇති බවත් අග්‍රමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද සිංහල දමිළ නව අවුරුද්දු සුභ පැතුම් පණිවිඩය තුළ වැඩිදුරටත් සදහන්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට