සත්‍යයේ පුවත් අඩහැරය….

විසදුම් නැත්තම් පෙරට වඩා ශක්තිමත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙනවා – ලංකා ගුරු සේවා සංගමය

වෘත්තීය සමිති මර්දනය කිරීමට ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරන්නේ නම් ඉදිරියේදී මීට වඩා ශක්තියකින් යුතුව වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නිරත වීමට කටයුතු කරන බව ගුරු සංගම් අවධාරණය කර සිටියි. ඊයේ (05) කොළඹදී පැවති මාධය හමුවක දී මෙම අදහස් පළ කරන ලද්දේ ලංකා ගුරු සේවා සංගමයයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගයට ගුරු විදුහල්පති සංගම්ද සිය සහාය ලබා දෙමින් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තී්‍ය ක්‍රියාමාර්ගයක් දියත් කළ අතර අදාළ ක්‍රියාමාර්ගය සාර්ථක වූ බවත් මහින්ද ජයසිංහ මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ලංකා ප්‍රගති ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මයුර නානයක්කාර සහ ස්වාධීන ගුරු සංගමයේ සාමාජික චන්දිමාල් විජේරත්න යන මහත්වරුන්ද සිය අදහස් දක්වන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට