වෙසක් උත්සව වල ඔළුබක්‌කන් නැටවීම සහ හොල්මන් මන්දිර පැවැත්වුවොත් වැඩ වරදී..
වෙසක් උත්සවය නිමිති කරගනිමින් පැවත්වෙන උත්සව අවස්ථාවන් හිදී ඔළුබක්‌කන් නැටවීම සහ හොල්මන් මන්දිර පැවැත්වීම තහනම් කර අැති බැවින් ඒ අාකාරයේ කටයුතු වල නිරත වන්නන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස පොලිස්‌පතිවරයා විසින් සියළු පොලිස් ස්‌ථාන වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව බුදුදහමට නිගරු වන ලෙස හැසිරෙන සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙනු අැත.