සත්‍යයේ පුවත් අඩහැරය….

රණවිරුවන් නැත්තම් අගමැතිට ජනපතිට දේශපාලනය සදහා රටකුත් නෑ, ඒත් කළගුණ සලකන්නෙත් නෑ – පැවිදි හඩ සංවිධානය

රණවිරුවන්ට කළගුණ නොසලකන වත්මන් දේශද්‍රෝහි අාණ්ඩුව රට අගාධයට ගෙනයමින් සිටින අතර අාණ්ඩුව පළවා හැරීම සදහා උපක්‍රමශීලිව කටයුතු කරන බව පැවිදි හඩ සංවිධානය පවසා සිටියි. පැවිදි හඩ සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් විසින් මෙම අදහස් පළ කරන ලද්දේ අද (24) නාරාහේන්පිට අභයාරාමයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

මෙහිදී සිය අදහස් දක්වමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසා සිටියේ රටේ ජාතිවාදය සහ අාගම්වාදය අවුළුවන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවසා සිටියද ඒ අාකාරයට නීතිය ක්‍රියාත්මක වන්නේ සිංහල බෞද්ධයින්ට එරෙහිව පමණක් බවයි. කෑමට අවශ්‍ය වූවිට කබරගොයා තලගොයා බවට පත්කර, විහිළු නොකර සිටින ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මෙහිදී අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පැවිදි හඩ සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ අානන්ද හිමියන් පවසා සිටියේ තිස් වසරක යුද්ධයකින් රට බේරාගත් රණවිරුවන්ට කළගුණ සැලකීම සදහා ලබන 30 වනදා සවස නාරාහේන්පිට අභයාරාමයේදී පහන් 29932 ක් දක්වා යුද්ධයෙන් මිය ගිය රණවිරුවන් සිහිකරන බවයි. එමෙන්ම යුද්ධයෙන් අාබාධිත වූ රණවිරුන් හට අාශිර්වාද ප්‍රාර්ථනා කරමින් බෝධි පූජාවක් පවත්වන බවද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ අානන්ද හිමියන් පවසා සිටින ලදී.

රණවිරුවන් රට බේරා නොගත්තේනම් දේශපාලනයේ නිරත වීමට හෝ නායකත්වයන් දැරීමට, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ස්වාජිලිංගම්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් යන් මහත්වරුන්ට පමණක් නොව අග්‍රමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට ද නොහැකි වන බවද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ අානන්ද හිමියන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පැවිදි හඩ සංවිධානයේ සාමාජිකයින් වන පූජ්‍ය ගලගම ධම්මරංසි සහ පූජ්‍ය, ඉත්තදෙමළියේ ඉන්ද්‍රසාර යන හිමිවරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට