හාල් රටින් ගේන්න පුද්ගලික අංශයට අවසර, කැබිනට් මණ්ඩලය තීරණය කරයි..
සහල් ආනයනය කිරීම සදහා පුද්ගලික අංශයට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර අැති බව වාර්තා වේ. වෙළෙඳ පොළෙහි සහල් මිල වේගයෙන් ඉහළයාම පාලනය කිරීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන අැති අතර දේශීය වී ගොවීන්ට අහිතකර බලපෑමක් සිදු නොවන පරිදි මෙම කටයුතු සිදු කරන බවද එම අාරංචි මාර්ග පවසා සිටියි.