සත්‍යයේ පුවත් අඩහැරය….

මහින්දානන්දට අැප..

සුඛෝපබෝගී නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මූදල් යෙදවීම පිළිබදව නිසි තොරතරු අනාවරණය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා ඇති නඩුව විභාග කරමින් අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කරන ලදී. අදාළ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධි චෝදනා බාරදීම අද කොළඹ මහාධිකරණයේදී සිදුකර අැති අතර ඒ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන ලද සමයේ රුපියල් මිලියන 27 ක මුදලක් වැය කර බොරැල්ල කින්සි පාරේ සුඛෝපභෝගි නිවසක් මිලදී ගැනීමට මූදල් යෙදවීම පිළිබදව නිසි තොරතරු අනාවරණය කිරීමට නොහැකි වීම නිසා මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදුකර ඇති බව චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පනවා අැත.

රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප දෙකක් මතමහින්දානන්ද අලුත්ගමගේ මහතා මුදාහරින ලෙස මහාධිකරණය නියෝග කර අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට