සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය අමාත්‍යවරුන් හතරක්, නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් පත්වෙයි..

රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී අැති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කර අැත.

ඒ අනුව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර අැත. රන්ජන් රාමනායක මහතා දිවුරුම් දී අැත්තේ සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසය. පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කරුණාරත්න පරණවිතාන මහතා පත් කර අැත්තේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වූ ඉරාන් වික්‍රමරත්න මහතා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පාලිත රංගේ බණ්ඩාර මහතා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් වසන්ත සේනානායක මහතා ද දිවුරුම් දී අැති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට