සත්‍යයේ පුවත් අඩහැරය….

බලයේ සිටි කිසිදු අාණ්ඩුවක් තම වෘත්තීය ගැටළු විසදුවේ නෑ, කළේ මර්දනය පමණයි – ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වාත්තීය සමිති සන්ධානය

ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් මුහුණ දී සිටින වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් බලධාරීන්ගෙන් කොතෙක් ඉල්ලීම් කළ ද මෙතෙක් ඒ සදහා කිසිදු අාකාරයක විසදුමක් ලැබී නොමැති බැවින් ලබන 28 වන දා දැවැන්ත විරෝධතා පෙළපාලියක් සහ ජාතික සමුළුවක් පැවැත්වීමට කටයුතු කරන බව ලංකා ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වාත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. අද (21) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වාත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

සිය අදහස් දක්වමින් රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙරට පාලනය සෑම අාණ්ඩුවක්ම සිදු කළේ, වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වල යෙදෙන විට ඒවා මර්දනය කිරීම විනා අදාළ ගැටළු විසදීමට කටයුතු කිරීම නොවන බවයි.

ලබන 28 වන දා කොළඹ කොටුවේ ලංකා විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිට විරෝධතා පාගමනක් අාරම්භ කර විහාර මහා දේවී උද්‍යානය දක්වා පැමිණ එහිදී සමුළුව පවත්වන බව ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මර්දනය කිරීමට අාණ්ඩුව විසින් කටයුතු කළහොත් විහාර මහා දේවී උද්‍යානය කරා ගමන් කරන විරෝධතා පෙළපාලිය ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ ජනාධිපති ලේකම් කාර්යාලය කරා ගමන් කිරීමට ඉඩ අැති බැවින් ඒ අාකාරයට බාධා කිරීම් හෝ මර්දනය කිරීම් සිදු නොකරන මෙන් ඉල්ලා සිටින බව ද රන්ජන් ජයලාල් මහතා සිය අදහස් පළ කරමින් තවදුරටත් පවසා සිටින ලදී.

තවදුරටත් සිය අදහස් පළ කළ රන්ජන් ජයලාල් මහතා අවධාරණය කර සිටියේ ලබන 28 වනදා පවත්වන ජාතික සමුළුව ලංකා විදුලි බල මණ්ඩලයට අයත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව පවත්වන බැවින් එම සමුළුව අාණ්ඩු විරෝධී සමුළුවක් ලෙස හැදින්වීමට අාණ්ඩුවට නොහැකි බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට