සත්‍යයේ පුවත් අඩහැරය….

වෙෙද්‍ය සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමට නීති විරෝධී උත්සාහයක නිරතව සිටින සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නීතිය ඉදිරියට යනවා – පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය

මෙරට වෙෙද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මහත් සේවාවක් ඉටු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය අහෝසි කළයුතුය යන ස්ථාවරයේ සිට කටයුතු කරන බැවින් ඒ මහතාව ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාවේ සභාපති තනතුරෙන් ඉවත් කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. ඊයේ (02) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ සමස්ත ලංකා වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෙෙද්‍ය ජයන්ත බණ්ඩාර මහතා විසිනි.

සෞඛ්‍ය අමාත්‍යවරයාට කිසිදු බලයක් නොමැති අතර ඒ අාකාරයේ තීරණයක් ගතයුත්තේ පාර්ලිමේන්තුව තුළින් පමණක් වන අතර වෙෙද්‍ය අාඥා පනත උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාවේ සභාපතිවරයා අදාළ තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නීති විරෝධී ලෙස මැදිහත්වී කටයුතු කරමින් සිටින වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාට විරෝධය පළ කරමින් ඉිදිරියේදී නීතිය ඉදිරියට යාමට තම සංගමය බලාපෙරොත්තු වන බවත් “සයිටම්” පුද්ගලික විද්‍යාලය සම්බන්ධයෙන් වර්තමානය වන විට රටතුළ උද්ගතව අැති අර්බුදකාරී තත්ත්වය පිළිබදව රටේ ජනතාව දැනුවත් කිරීම සදහා ලබන අනිද්දා (05) නුගේගොඩදී දැවැන්ත රැළියක් පවත්වන බවත් වැඩිදුරටත් සිය අදහස් දැක්වූ වෙෙද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසා සිටින ලදී.

වැඩිදුරටත් සිය අදහස් පළකරමින් වෙෙද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් පසුගිය දා කොළඹ දී පවත්වන ලද විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය විසින් පහරදීමේ සිද්ධිය දැඩිව හෙළා දකින බවත් මෙරට අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි සිසුන්ට පොලු, මුගුරු සහ කදුළු ගෑස් වලින් සලකන ශ්‍රී ලංකා පොලිසිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හානිවන බව පවසමින් සිය නිල අැදුමේ ලාංජන සහ තරු ඉන් ඉවත්කර රාජකාරියේ යෙදුනු අවස්ථා පැවති බවත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත, සමස්ත ලංකා සුව සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ සහ සමස්ත ලංකා වාට්ටු ලිපිකරුවන්ගේ සංගමයේ ලේකම් රෝහිණි ලියනගේ යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට