ඇන්ජලෝ නායකත්වයෙන් ඉවත් වෙයි..?
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ පරාජයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අද (12) දිනය තුළ යම් තීරණයක් ගනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් අද දිනය තුළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාර දෙනු ඇති බව ද වාර්තා වේ. ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් ටෙස්ට් තරග 34 ක්, එක්දින තරග 98 ක් සහ විස්සයි විස්ස තරග 12 ක් මෙහෙයවා ඇත.